විශේෂ නිවේදනයක්..

පින්වත් මිතුර‍නේ, ඔබ Youtube හෝ වෙනත් වීඩියෝ ශෙයාරින් සයිට් භාවිතා කරනවානම් ගොඩාක් ප්‍රවේසමෙන් වීඩියෝස් සර්ච් කරන්න. හේතුව, සමහර වීඩියෝස් අපි බලන්නෙ මොකක් හරි හේතුවකටනේ. උදා, හොල්මන්,අවතාර, මිනීමැරැම්, භයානක සිද්දීන් වගේ වීඩියෝස් අපි සර්ච් කළාම, ඒ වීඩියෝස් පෙන්වනවනේ. අපි ඒ වගේ වීඩියෝ ගොඩාක් උනන්දුවෙන්නේ බලන්නේ නේද?, නමුත්, සමහර අය විසින් පොඩි පොඩි දේවල් ඒ වීඩියෝ එකට දාලා තියෙනවා කියලා අපි දන්නේ ඒක බලද්දී.


ඒ කියන්නේ , අපි බලන වීඩියෝ එකේ අන්තිම තත්පරයට  භයානක මුහුණු ඇති බෙරිහන්දෙන ශබ්ද ඇති දර්ශණ එකතු කරළා තියෙනවා. අපි ඇත්තටම එහෙම දෙයක් තියෙයි කියලා නොසිතන මොහොතක එහෙම දෙයක් එකපාරටම වෙද්දී, හිතට එන භය හිතාගන්න බැහැ. 

      සමහර විට ඔබටත් මෙවැනි දේවල් වෙලා ඇති. සමහරු මේක විනෝදෙට ගන්නවා. නමුත් සමහරු මෙහෙම දේවල් නිසා දවස් ගනන් සිහි විකල් වෙලා තියෙනවා. සෑහෙන මානසික පීඩන වලට ලක්වුන අය ඉන්නවා. මට හිතෙන්නේ මෙහෙම දර්ෂණ හෘද රෝගියෙක් එහෙම බැලුවොත් අන්වාර්යයෙන්ම ඒ කෙනාගේ ජීවිතයට අවදානමක් තියෙනවාම යි.

       ඇත්තටම, Horror ෆිල්ම්ස් සහ මෙවැනි පොඩි පොඩි වීඩියෝ අතර වෙනසක් තියෙනවා. මම ඒ වා බලන්න කියනවා නෙමෙයි. නමුත් ඒ චිත්‍රපට හදන හැටි අපි දන්වනේ. ඒ දර්ෂණ පිටිපස්සේ සිනමා ප්‍රයෝග, අධ්‍යක්ෂක, කැමරාශිල්පීන්, අනිත් සිය ගණනක් අය ඉන්නවානේ. මමත් මේ ෆීල්ඩි එකේ වැඩ කරන නිසා මම දන්නවා. නමුත්, අපි අර විදිහේ වීඩියෝස් සර්ච් කළාම ඒ අපිට ඕන දේම ලැබෙවා ද කියන එක ප්‍රශ්ණයක්. අපිට යම්කිසි දෙයක් දැනගන්නනේ අපි ඒ වීඩියෝස් හොයන්නේ නේද?. චිත්‍රපටයක් බලන අදහසක් අපට නෑනේ. නමුත් අපිව මුලාවේ දමන්න අවශ්‍ය පිරිසක් මේ ලෝකේ ඉන්නවා. ඒ අය අපි සොයනදේ නමින්ම අන්තිම තත්පරයේ වෙනත් භියජනක දර්ශණ ශබ්ධ ඇතුළත් , අපව භය කරන්නටම සකස්කරපු වීඩියෝ අන්තර්ජාලයට එක් කරනවා.මේක අන්තිම තත්පරයෙම වෙන්නෙත් නැහැ.

        උදා, ඔබ හොල්මන් ,අවතාර කැමරාවට සුවෙච්ච වීඩියෝ එකක් හොයාගෙන බලනා කියන්න. ඕන්න ඔබ බලාන ඉද්දී මෙකක්හරි දෙයක් ලාවට පෙනෙනවා කියන්න. දුමක් වගේ දෙයක්. ඇත්තටම ඔබට එය පේන්නෙත් නැහැ. වීඩියෝ එකේ ප්‍රමුඛව පෙනෙන්නේ වෙනින් එකක්. පස්සේ ඒ අය නැවත ඒ කොටස පෙන්වනවා. ඒ දුමක් හෝ වෙන දෙයක් තියෙන තැනකට වීඩියෝ එක zoom කරලා පෙන්වනවා. ඔබත් හොදට පර්ගණක තිරයට ලංවෙලාම බලනවා. හැබැයි වෙන්නේ වෙනින් එකක්. ඔබ කෑගැස්සෙන, ඔබේ සිත කම්පනය වෙන භියජනක දේ මුලු ස්ක්‍රීන් එක පුරාම දිස්වෙනවා තත්පර ගාණක්. ඔබට හැම දේම අමතක වෙන වෙලාවක් ඒක. ඒ අර වීඩියෝ එක නාමයෙන් හැදූ වෙනත් වීඩියෝ එකක්.

       එනිසා පින්වත් මිතුරනේ, මමනම් කියන්නේ ඔබ එවැනි දේ සොයන්න එපා. මොකද අපි දන්නේ නෑනේ. අනිත් එක තමයි. අපිට ඒව හොයල තේරුමක් නැහැ. හිතන්න, ඔබට ඔබ සොයන වීඩියෝ එකම හම්බ වූනා කියලා. එහි මිනීමැරුමක හෝ දර්ෂණ සහිත අපට අවශ්‍ය විස්තරයක් තියෙනවා කියන්නකෝ. ඔබට ඒවා බලද්දී දැනෙන්නේ භයක් ද? සතුටක් ද?  මම දන්න විදිහට නම් ඇතිවෙන්නේ භයක්මයි. අපි කළකිරෙනවා වගේ දැනෙයි. නමුත් අපි වෙනත් දෙයක් බලද්දී අර සිද්දිය අමතකයි නේද? එහෙනම් එතන ඇති වුනේ සැබෑ කළ කිරීමක් නෙමෙයි. වෙලා තියෙන්නේ නූපන් කෙළෙස් හටගැනීමයි. සිතට භයක් දැනෙනවානම් ඒ අකුසලයක් නිසානේ නේද? ඔබ මෙය තේරුම් ගන්න. පින්වත් සවාමීන් වහන්සේලාගෙන් මට ලැබුන උපදේශයක් ඒ. 

      පින්වත් මිතුරනේ, Youtube වල, ඒ වගේම දැන් Facebook වල නොසිතන මොහොතක අපි බියට පත්කරවන මෙවැනි දර්ෂණ ඇති තරම් තියෙනවා. ප්‍රවේසම් වෙන්න.

       එනිසා , ඔබ බැරිවෙලාවත් එහෙම දෙයක් සර්ච් කරනවානම් ඉස්සෙල්ලාම ඒ වීඩියෝ එක බලපු අය දාල තියෙන Comments බලන්න. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා, මේව බලන අයත් මේ වීඩියෝ එකේ මෙහෙම බය හිතෙන තැනක් තියෙනවා කියලා Comments දාන්නෙත් නැහැ.

          මේ ලොකේ අපිට ඇසට නොපෙනුනාට සිද්දවෙන ගොඩාක් දේවල් තියෙනවානේ. මේ කාරණා අපිට හොයන්න එපා කියලනේ බුදුරජාණන් වහන්සේ  කීවේ. මේව අයිති ලෝක විශයට නිසා මේ දේවල් හොයලා අපිට ඉවර කරන්නත් බැහැ. 

         නමුත් පින්වත් මිතුරනේ ඔබට අන්තරජාලයෙන් සොයන්න ඇති තරම් තොරතුරු තියෙනවා. අධ්‍යාපනික, රැකියා ගැන, ලේකයේ සිදුවන විශේෂ සිදුවීම් ගැන, පුවෘත්ති . ඒ වගේම මමනම් දන්න විදිහට මේ ලෝකයෙන්ම අනතර්ජාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න පුලුවන් අපටයි. ඒ "මහමෙව්නාව"  වෙබ් අඩවියෙන්. ඔබ ඒය දන්නවනේ නේද?  අප සරණ ගිය සම්බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රී සද්ධර්මය අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මේ ලෝකයටම පැහැදිලි  කර දෙන මේ මහගු සේවය මුළු ලෝකයේම සිටින පින්වත් අයට සජීවීව ලබන්නට ඉඩ දෙන්නේ මේ මහමෙව්නාව ( http://www.mahamevnawa.blogspot.com/ ) වෙබ් අඩවියෙන්.
          ඔබට මේ ලෝකය ගැන, ජීවිතය ගැන, සංසාරය ගැන ඇතිතරම් විශමිත තොරතුරු මේ වෙබ් අඩවියේ තිබෙනවා. ඒ සම්බුදු ධර්මය ඔබ සොයන්න. 

        ඉතින් පින්වත් මිතුරනේ, මට මේ කාරණය කියන්න සිතුනේ අර විදිහේ වීඩියෝ නිසා  මමත් ගොඩාක් මානසික පීඩනයකට ලක්වුන නිසයි. 

         එනිසා පින්වත් ඔබට මේ නිසරු දේ සරු දේ  වෙන්කොට දකින්නටත්, ඒ සම්බුදු රජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම දේශනා කළ ධර්මය දකින්නටත්, දහම් ඇසම පහළ වේවා !  තෙරුවන් සරණින් සියළු යහපතම සැලසේවා..!

තෙරුවන් සරණයි.!

Buddha Quotes

Make an island of yourself,
make yourself your refuge;
there is no other refuge.
Make truth your island,
make truth your refuge;
there is no other refuge.
Digha Nikaya, 16