නික්

නික් (nick vujicic) කියන්නේ උපතින්ම අත් දෙකයි කකුල් දෙකයි නැතිව උපන් කෙනෙක්.



පින්වත් මිතුරනේ,

නික් මේ මිනිස් ලොවට එන්න ඇත්තේ කලාතුරකින් නේද?.. ඇත්තටම ගොඩාක් කාලෙකට පස්සේ වෙන්න පුලුවන් නික්ට මේ  මිනිස් ජීවිතයක් ලැබුනේ . බුදුරජාණන් වහන්සේ දේශණා කළානේ ඒක හරියට කණ කැස්බෑවා වියසිදුරෙන් අහස බලනවාටත් වඩා දුර්ලභයි කියලා.  හේතුව, මේ සත්වයන් මහගෙදර කරගෙන ඉන්නේ සතර අපාය යි. පිනකින් මේ මිනිස් ලොවට ආවත් ආපහු ඒ ජීවිතයෙන් පස්සේ යන්නේ සතර අපායට. මේ සතර අපායෙන් නිදහස් වෙන හැටි නොදන්නා නිසාමයි මේ නොනවතින ගමනක යන්නේ.
ආපහු මිනිස් ලොවට ආව නික් දන්නේ නෑ නික්ව  මේ භවයෙන් භවයට අරන් යන්නේ මොකෙන්ද කියලා. ඉපිද ඉපිද මැරි මැරි  මේ නොනවතින ගමනක් යන්නේ කොහොමද කියන එක නික් දන්නේ නෑ.  නික් ඒක මීට කලින් ජීවිතයක දැනගත්තා නම් අද මෙතන නෑ. නික් එහෙනම් ඒ දුකින්  පිරුණු සංසාරෙන් සදහටම නිදහස් වෙලා නේද? ඒත් නික්ට ඒ පණිවිඩය ලැබුනේ නෑ නේද.?

සමහර විට නික්ට ඒ පණිවිඩය ලැබුණත්, නික් ඒ උතුම් අවස්ථාව අතෑරගන්න ඇති. වෙන වෙන දෘෂ්ඨිවල ඉන්න ඇති. නැත්නම් කිසිම දෙයක් කල්පනා කරන්න බැරි මෝඩයන් වෙලා ඉන්න ඇති. එහෙමත් නැත්නම් ඒ කථා කල ධර්මය නෑසෙන ඈතක ඉන්න ඇති.  ඒහෙමත් නැතිනම්, නික් නිරයේ ඉන්න ඇති. නික් තිරිසන් ලෝකයේ ඉන්න ඇති. ප්‍රේතයන් වෙලා සෙම් සොටු කකා ඉන්න ඇති. සමහරවිට නික්ට ඒ කාලේ ඒ ධර්මය වටහාගන්න පිනකුත් තියෙන්න ඇති. නමුත් නික්ගේ අවාසනාවකට ඒ කාලේ ධර්මය ලොකයට විවෘත නොවී තියෙන්න ඇති.

මේ මොනයම් හෝ දෙයක් නිසා නික් තවමත් සංසාරේ නේද? 

නික් පුංචි කාලේ මව්කුසට ආවා දන්නෙත් නෑ.  නික් ඊට කලින් හිටියේ කොහෙද කියල දන්නෙත් නෑ. මේ ජීවිතයේ මෙහෙම වෙයි කියල දන්නෙත් නැහැ. මෙතනින් පස්සේ යන්නේ කොහෙටද කියලත් නික් දන්නේ නෑ. 

නමුත් නික්ට මේ මිනිස් ජීවිතය ලැබුනේ මොකක්දෝ පිනකට නේද?  ඒ වගේම මොකක්දෝ අවාසනාවකට නික්ට මේ විදිහටයි ශරීරය ලැබුනේ. 

නික්ට මෙ හැමදේම වෙලා තිබුනට, එයාට තියෙන්න පුලුවන් නුවණින් විමසීමේ හැකියාව. ඒත් , නික්ට ඒකට ඕන කරන අනිත් දේවල් නෑ. ඒ තමයි, කළ්‍යාණමිත්‍ර සේවනයත් සද්ධර්මශ්‍රවණයත්. නික්ට බුදුකෙනෙක්ගේ ධර්මය ඇහුනොත් නික් කල්පනා කරයි මට මේ දුකින් පිරුන ජීවිතය ලැබුනේ කොහොමද? මම මේකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා. 

ඒත් නික් ඉන්නේ ආයෙමත් ඒ සදහම් නෑසෙන පැත්ත‍කනේ. හරිම පුදුමයි. මේ බලන්න...නික් ආයෙමත් යන්නේ කොහෙද කියලා....

video platformvideo managementvideo solutionsvideo player
බුදුරජාණන් වහන්සේ දේශනා කළා " මිත්‍යාදෘෂ්ඨිකයාට තියෙන්නේ ගති දෙකයි. එකක් නිරය. අනික තිරිසන් ලෝකය " 

මේ  මිනිස් ජීවිතය කියන්නේ කෙතරම් වටින දෙයක්ද කියලා නික්ට තේරෙන්නේ කවදා හරි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබුනාම යි.

ධර්මය තුළින් කෙනෙක් වටහා ගන්නවා මේ ලැබුන ජීවිතයෙන් උපරිම ඵල නෙලාගත්තේ නැතිනම් මේ අවස්ථාව මග හැරෙනවා කියලා. 

මම මේ නික් ගැන  ලියන්නේ අප්‍රමාදයේ අගය ඔබට තේරුම් කරන්නයි.  ඔබේ වාසනාවට හොද මින්ස් ජීවිතයක් ධර්මය ඇසෙන මායිමෙන් ලැබිලා තියෙනවා.  දැන් ඒ ශ්‍රී සද්ධර්මය මේ ලොවට විවර වෙලා තියෙනවා.  හැබැයි කෙටි කාලෙකට. මේ කාලේ ධර්මය බබලන කාලයක් නොවෙයි. මේ කාලේ පිරිහෙන කාලයයි.  මේ කාලයේ ධර්මය නමින් ධර්මය වගේ අධර්මය ලොව පැතිරෙන කාලයයි. හරියට රත්තරං වෙනුවට ඉමිටේෂන් රත්තරං ආවා වගේ. ගොඩාක් අය හිතාගන්න බැරි විදිහට දෘෂ්ඨිගත වෙලා මේ ධර්ම මාර්ගය වරද්ද ගන්නවා. බුදුරජාණන් වහන්සේව සරණ යන්න තියෙන මේ දුරලභ අවස්ථාවේ වෙන වෙන දේවල් සරණ යනවා.  නිවැරදි මාර්ගයේ යන අයවත් ඇදල ගන්නවා වැරදි මාර්ගයට. අනාගනය සුන්දර එකක් නම් වෙන්නේ නැහැ. මේ මහ පොළව පවා බුදුරජාණන් වහන්සේගේ ගුණ හදුනනවා.  ඒ නිසාම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කම්පා වෙන්නත් මේ ධරණී තලයට පුලුවන් බව අප මතක තියාගන්න ඕන. 

මේ නිසා මේ ධර්මය මේ ලෝකයට නැවත නිවැරදිව විවර වුන මේ කෙටි කාලයේ අපි හැමෝම ඒ ධර්මය අපේ ජීවිතයට ගලපා ගන්න උත්සහ කරන්න ඕන.

නික්ටත් මේ ගෞතම බුද්ධශාසනය තුළ දීම මේ සංසාර දුකින් නිදහස්වීමේ මග කියා දෙන  ධර්මය ම ඇසේවා.

ඔබටත් අප්‍රමාදය පිණිස තිසරණයේ අනන්ත ආශිර්වාදයත්, දෙවියන්ගේ දිව්‍ය රැකවරණයත් ලැබේවා. !


ඔබට තෙරුවන්  සරණයි !

Buddha Quotes

Make an island of yourself,
make yourself your refuge;
there is no other refuge.
Make truth your island,
make truth your refuge;
there is no other refuge.
Digha Nikaya, 16