ටියුෂන් යන ඔබටයි මේ..

පින්වත් මිතුර,මිතුරිය,
මම මේ පළකරන ලිපිය මාධ්‍යවේදියකු විසින් කරණ ලද සමීක්ෂණයකට අනුව කුරුණෑගල නගරය හා සම්බන්ධ ලිපියක්..
මම එය උපුටා ගත් ආකාරයටම පළ කරන්නම්..
ඇත්තටම මට මේ ලිපිය කියවද්දී  දැනුන සංවේගය ඔබටත් දැනෙනවද බලන්න. ඔබේ ආරක්ෂාව රැකවරණය පිණීසයි මේ ලිපිය පළ කරන්නේ. වෙනත් අදහස් වලට ඔබේ සිතට ඇතුළත් වෙන්න දෙන්න එපා. මේ ගෞතම සම්බුද්ධ සාසනය ලැබුණ මේ මොහොතේ ඇති වටිනාකම.. ඒ මොහොත රැකගැනීමේ ඇති වටිනාකම... කළ්‍යාණ මිත්‍ර සේවනයේ වටිනාකම  ඔබට වැටහේවි කියා මම සිතනවා.. තෙරුවන් සරණයි !

ඇත්තටම මේ ලිපිය කියවද්දී ඔබ සිතන්න මේ ඔබේ ජීවිතය යි, ඔබේ නැගණියගේ, ඔබේ අක්කාගේ ,ඇත්තටම ඒ ඔබේත් ඔබේ දෙමාපියන්ගෙත් අහිංසක ජීවිතයි. එ නිසා, පින්වත් මිතුරනේ අපි ගෞතම සම්බුදු රජාණන් වහන්සේගේ පින්වත් ශාවක දරුවන් වෙන්නට වාසනාව ලැබූ මේ කාලයේ ,ඔබ  ඔබගේ ජීවිතය ඒ සම්බුදු අවවාදයට අනුව සුන්දර විදිහට සකස් කරගන්න. 
ඔබේ මේ යොවුන් වයසේ ඔබ අධ්‍යාපනය වෙනුවෙන් තමන්ට මගපෙන්වන ටියුෂන් පන්ති සහ ගුරුවරුන් තෝරාගනිද්දී ගොඩාක් බුද්ධිමත් වෙන්න. කළ්‍යාණ මිත්‍රයන් පමණක් ඇසුරු කරන්න.

ඔබ මහා මංගල සූත්‍රය කියවන්න. ඒ කරණු වල සිංහල අර්ථය හොදින් දැනගන්න. ඔබේ ජීවිතය සාර්ථක ජීවිතයක් කරගන්න අපගේ බුදුසමිදුන් දේශණාකළ රමණීය වූ උපදේශයන් ඒ දේශනාවේ තියෙනවා. ඔබ ඒ කරුණු පිළිවෙලින් ඇති කරගනිද්දී ඔබටම ඔබේ ජීවිතය සැපවත් ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන් වේවි. ඒ සැපය නිරාමිස සැපයක්. ඉතින් මිතුරනේ ඔබට උසස් අධ්‍යාපනයේදී පවා ඔබට ලොව්තුරු දහම අසන්ට ලැබෙනවා කියන්නේ ඒක මේ ලෝකයේ ඔබට පමණක්ම අසන්ට ලැබෙන ඉතාම දුර්ලභ දෙයක්. ඒ අවස්ථාව කුරුණෑගල පන්ති වලට යන ඔබට ඉහලින්ම ලබාගන්න පුලුවන්. ඒ මම දන්නා කරුණක්. එනිසා ඒ වාසනාව ලබාගන්නට ඔබට තිසරණයේ ආශිර්වාදය රැකවරණය ලැබේවා !

තෙරුවන් සරණයි.!

Buddha Quotes

Make an island of yourself,
make yourself your refuge;
there is no other refuge.
Make truth your island,
make truth your refuge;
there is no other refuge.
Digha Nikaya, 16