නිරයන් ගැන දැනගන්න....


නිරයන් ගැන දැනගන්න




පින්වත් මිතුරනේ..
    අපි නිරය ගැන ඇත්තටම හරි විදිහට දැනගත්තේ අප සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් . පුංචි කාලේ අපාය අපාය කියලා අහල තිබ්බ්ට කවුද හිතුවේ මේව ඇත්ත කියලා.. ඇත්තටම මට නම් මේ අපාය ගැන දශමෙකවත් බයක් තිබ්බේ නැහැ පොඩි කාලේ. ඒත් මේ විස්තර අහන්න ලැබුනම තේරුම් ගියා මේ යන සංසාරෙනම් එච්චර යන්න සුදුසු එක්ක නෙවෙයි කියලා. බුදුරජාණන් වහන්සේ පවා අසුරු සනක් ගසන තරම් කාලයක්වත් මේ භවය වර්ණනා කළේ නැහැනේ.

    ඒ සම්බුදුරජුන්ට මේ ලොව.. පරලොව... දෙව්ලොව.. බඹලොව.. ආදී කිසිම තැනක තියා මේ දස දහසක් වූ ලෝක ධාතුවේ හෝ මේ මුලු මහත් විශ්වයේ හෝ කිසිදු රහසක් නැහැ. උන්වහන්සේ මේ සියල්ල අවබෝධ කළා. ඒ නිසයි උන්වහන්සේට "ලෝකවිදූ" කියලා කියන්නේ.

    උන්වහන්සේ තමා විසින්ම අවබෝධ කර ගත් ඒ තොරතුරු ශ්‍රාවකයන්ට දේශනා කළා. ඒ දේශනාවන් තමයි අද අපිට අසන්නට ලැබෙන්නේ. ඇත්තටම මේක දුර්ලභ කාරණයක් නේද?

"භික්ඛවේ, අප්පමාදේන සම්පාදේථ, දුල්ලභො බුද්ධුප්පාදො ලෝකස්මිං, දුල්ලභො මනුස්සත්ත පටිලාභෝ, දුල්ලභා ඛණසම්පත්ති, දුල්ලභා පබ්බජ්ජා, දුල්ලභං සද්ධම්මසවණං"

  පින්වත් මිතුරනේ.. මෙය බුදුරජාණන් වහන්සේ දිනපතාම භික්ෂුන් වහන්සේලාට කළ අනුශාසනයක්. 

"පින්වත් මහණෙනි, අප්‍රමාදයෙන් යුක්ත වන්න. ලෝකයේ බුද්ධොත්පාදය දුර්ලභයි. මිනිසත් බව ලැබීම දුර්ලභයි. ක්ෂණ සම්පත්තිය දුර්ලභයි. පැවිදි බව දුර්ලභයි. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභයි."

    මේ දුර්ලභ කාරණා අපට ලැබී තිබෙනවා නේද?  අපට ඒ සිරිසදහම් අසන්නට ලඅබුන නිසා තමයි මේ නිරය ,තිරිසන්,ප්‍රේත,අසුර ඒ වගේම දෙව්ලොව ගැන පවා තොරතුරු අපි දන්නේ.. ඉතින්  ඒ අප සරණගිය ගෞතම නම් වූ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ විසින් විශ්මිත අවබෝධ‍යන් යුතුව  දේශණා කළ , නිරයන් පිළිබද විස්තරයක් මේ ලිපියෙන් මම කියන්නයි සූදානම්.

පින්වත් මිතුරනේ..

    තම තමන් කළා වූ කර්මවලට අනුව උපදින භව තුනක් ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඒ තමයි,
  • කාම භවය
  • රූප භවය
  • අරූප භවය.
 මෙහි කාම භවයට,
  • සතර අපාය
  • මිනිස් ලොව
  • දිව්‍යලෝක හය , ඇතුළත් වෙනවා.
‍‍සතර අපාය කියන්නේ,

පූජණීය චෛත්‍යයෝ


පූජණීය චෛත්‍යයෝ

      චෛත්‍ය කියන්නේ මේ ලෝකයේ මිනිසුන්ගේ ආදරයටත් ගෞරවයටත් වැදුම් පිදුම් වලටත් භාජනය වන පූජණීය වස්තූන්ට යි. ඇත්තටම මිනිසුන්ට පමණක් නොවෙයි. දෙවියන්ට පවා. අපි හැමෝම චෛත්‍ය ගැන දන්නවනේ නේද. ඇත්තටම මිතුරනේ ශ්‍රී ලංකාවේ සිටින අපිට තමයි වැඩිපුරම මේ චෛත්‍යයන් දැකගන්නත් වන්දනා කරගන්නත් වාසනාව තියෙන්නේ. ඉතින් මේ පුංචි විස්තරය මම කියන්නේ අන්න ඒ චෛත්‍යයන් ගැනයි.

        චෛත්‍යයන් කියන පූජණීය වස්තූන් එතරම් පූජණීය වන්නේ ඒ හැම දේයකටම අප සරණ ගිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බන්ධ නිසා. ඒ කියන්නේ , ඒ සම්බුදුරජාණන් වහන්සේ ගේ ජීවිතය හා සම්බන්ධ දැනට අපට වන්දනා කිරීමට තරම් උතුම් මේ තුන් ලෝකයෙන්ම උසස් , උතුම් ස්ථාන හා වස්තූන්.

       අපගේ බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ චෛත්‍යයන් වර්ග තුනක් සදහන් වෙනවා.
  • ශාරීරික චෛත්‍යය
  • පාරිභෝගික චෛත්‍යය
  • උද්දේසික චෛත්‍යය
      සම්බුදු ශරීරයෙන් ඉතිරිවූ ධාතූන් සමුහය ශාරීරික චෛත්‍යය යි. උන්වහන්සේ පරිභෝග කළ පා-සිවුරු ආදී වස්තූන් හා ශ්‍රී මහා බෝධීන් වහන්සේද, බෝධීන් වහන්සේගේ ශාඛාවන්ද පාරිභෝගික චෛත්‍යය යි. උන්වහන්සේ උදෙසා වැදුම් පිදුම් කරන ප්‍රතිමා වහන්සේලා  උද්දේසික චෛත්‍යය යි.
New Wallpaper Updates....

Buddha Quotes

Make an island of yourself,
make yourself your refuge;
there is no other refuge.
Make truth your island,
make truth your refuge;
there is no other refuge.
Digha Nikaya, 16