"පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි"
ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි.
බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ මුල් කාලයේ සිල් පද පැනවීමක් සිදු කලේ නැහැ. නමුත් පසුව යම් යම් හේතූන් නිසා මේ සිල් පද පැනවීම සිදුකළා. එයට හේතුව, මේ නිවන් මගේ ගමන් කරන ශ්‍රාවකයාට එය ආරම්භ කරන්ට ඇත්තේ සීලයෙන් වීමයි. එනම් මනා හික්මීමකින් යම් කෙනෙක් මේ සිල් පද අවබෝධයෙන්ම ආරක්ෂා කරනවානම් ඒකෙනාට ඒ හේතුවෙන් ඉක්මනින්ම සිත සමාධි ගත වෙනවා වගේම මේ ආර්ය සත්‍ය පවා අවබෝධ කරගැනීමේ දුර්ළභ අවස්ථාව උදාවෙනවා. මහා කීර්තියක් , මහත් වූ භෝග සම්පත් ආදිය ලැබෙනවා. ඒ වගේම ඒ පින්වතා සිහි මුලා නොවී කළුරිය කර සුගතියෙහි උපත ලබනවා. ඇත්තටම පින්වත් මිතුරනේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සිලයේ ආනිසංස කියා නිමකරන්න බැහැ කියායි. ඉතින් අපිත් අවබෝධයෙන්ම ඒ සීලය ආරක්ෂා කළොත් ඒ ආනිසංස ඒ ආකාරයෙන් ම ලබාගන්න පුලුවන්. ඒ ගැන ඔබට ගෙනෙන ලිපි පෙළෙහි පළමුවැන්නයි මේ.
ප්‍රාණය කියන්නේ ජීවිතයයි. මිනිසෙකුගේ හෝ තිරිසන් සතෙකුගේ හෝ ඇසට නොපෙනෙන භූතයෙකුගේ හෝ , උකුණු මකුණු මදුරුවකුගේද , මව් කුසක සිටින සත්වයෙකුගේද , බිත්තරයක සිටින සත්වයෙකුගේ හෝ ජීවිතය අවසන්වීමට මත්තෙන් , වෙඩි තැබීම, බෝම්බ ගැසීම, ඇසිඩ් ගැසීම, දියේ ගිල්ලවීම, විෂදුම් ගැසීම, හුස්ම හිරකිරීම, අතින් පයින් පොලු වලින් ගැසීම, උගුල් වලට අසුකිරීම, රථවාහන වලට යටකිරීම, ගින්නෙන් දැවීම, වස කැවීම, බිය ගැන්වීම, වැරදි බෙහෙත් දීම, ගබ්සා බෙහෙත් දීම වගේ මොනම හෝ උපක්‍රමයකින් තමන්ම හෝ වෙන කෙනෙක් ලවා හෝ සතෙකුගේ ප්‍රාණය තොර කිරීම හෝ කරවීම නිසා මේ සිල්පදය කැඩෙනවා.
මේ ප්‍රාණඝාතය සිද්වෙන්නේ කාරණා පහක් සම්පූර්ණ වීමෙන්.